ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය

සිදු වූ පාඩුව

රුපියල් බිලියන 4

ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව රජය විසින් කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකර පවරන ලද්දේ චීනයේ සමාගමක් වන CMAC ඉංජිනියරින් සමාගමට ය.  ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන් තෝරාගන්නා ලද්දේ රජයේ සියලු ප්‍රසම්පාදන රෙගුලාසි මග හරිමින් ය.  අදාළ සියලු ගාස්තු ගෙවීම්  2015 ජනවාරි 8 දිනට පෙර ඉතා කඩිනමින්  සිදු කර තිබීම හේතුවෙන් මෙහි මුදල් ගනුදෙනුවෙහි විනිවිදභාවය පවා ප්‍රශ්නාර්ථයක් මතු කරයි. මෙම ව්‍යාපෘතියට අදාළ මුදල් ගනුදෙනුව, 2015 ජනවාරි 8ට පෙර ගාස්තුව  වාරික තුනක් යටතේ ගෙවීමට යටත්ව ඉතා කඩිනමින් සිදු කර ඇති බව පැවසේ. පළමු ගෙවීම ලෙස රුපියල් මිලියන 1,000ක මුදලක් 2014 නොවැම්බර් 24 දින ගෙවන ලද අතර දෙවන ගෙවීම වන රුපියල් මිලියන 2,009ක මුදලක් 2015 ජනවාරි 1 වන දා ගෙවන ලදි. 2015 ජනවාරි 6 වන දින රුපියල් මිලියන 1,003ක මුදලක් තෙවන ගෙවීම ලෙස ගෙවා ඇත. කෙසේ වුව ද,ආරම්භයේ දී මෙම ව්‍යාපෘතිය සඳහා වන මූල්‍යමය වෙන්කිරීම වූයේ රුපියල් මිලියන 40ක් පමණි.ගිං- නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් බිලියන 4ක මුදලක් ගෙවා ඇතත් එය තවමත් ආරම්භ කර26නොමැත. 2017 වසරේ මෙම හෙළිදරව්වෙන් පසුව මෙම ගැටලුවට සම්බන්ධ තොරතුරුවල විශාල හිඩැසක් ඇත.

2021 වසරේ මුල භාගයේ දී  වත්මන් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා මෙම ව්‍යාපෘතිය යටතේ ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ හෙක්ටයාර 5ක ජලාශයක් ඉදි කිරීම පිළිබඳ කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්විය.[i]

දූෂණ අක්‍රමිකතාව කුමක්ද?

  • රාජ්‍ය අරමුදල් අයථා ලෙස පරිහරණය කළ බවට ඇති චෝදනාව.
  • නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ටෙන්ඩර් ලබා දීම.
  • ටෙන්ඩර් පටිපාටිය හැසිරවීම.
  • රජයේ ප්‍රසම්පාදන රෙගුලාසි මග හැරීම සඳහා බලය අවභාවිතා කිරීම.
  • විනිවිදභාවය අවම වීම.

මෙවැනි ඇති විශාල මුදල් ප්‍රමාණයක් ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය සඳහා ගෙවා තිබුණ ද,ව්‍යාපෘතියේ කිසිදු වැඩ කටයුත්තක් තවමත් ආරම්භ කර නොමැත. වාරිමාර්ග අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය තුළ තවමත් සඳහන් වන්නේ මෙය සිදු කෙරෙමින් පවතින ව්‍යාපෘතියක් ලෙස යි.[ii] [iii] [iv]

වින්දිතයන් කවුද?

  • මහජනතාව

රජය විසින් නිෂ්ඵල භාණ්ඩවලට,සේවාවලට හෝ වැඩකටයුතුවලට අධික මුදලක් ගෙවන විට අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට සහ ජනතාවට ප්‍රතිලාභ ලබාදිය හැකි අනෙකුත් ව්‍යාපෘතිවලට යෙදවිය හැකි මුදල් මෙම නිෂ්ඵල කටයුතු සඳහා වැය කරනු ඇත.

අනුගමනය කළ ක්‍රියාමාර්ග

  • ව්‍යාපෘතිය ආරම්භ කරන තෙක් ගෙවන ලද මුළු මුදල ශ්‍රී ලංකා ආණ්ඩුවට නැවත ගෙවන ලෙස 2015-2019 පාලනය පැවති සමයේ,වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරය CAMC ඉංජිනියරින් සමාගමට දැනුම් දුන්නේ ය. එම ඉල්ලීම අදාළ සමාගම විසින් ප්‍රතික්ෂේප කරන ලදි.
  • පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම ගෙවීම් සිදු කිරීම සඳහා බලපෑම් කළ බවට වාර්තා වන හිටපු වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදි. කෙසේ වුව ද, හිටපු ලේකම්වරයා මේ වන විට නවසීලන්තයේ වාසය කරන බවට වාර්තා වන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ජනමාධ්‍යවල සඳහන් නොවේ.
  • TISL ආයතනය වාරිමාර්ග අමාත්‍යාංශය වෙත තොරතුරු ඉල්ලුම්පතක් යොමු කරමින් එම ව්‍යාපෘතියේ ගිවිසුම් ලියවිල්ල, ශක්‍යතා වාර්තාව, කැබිනට් සංදේශ, ඇගයීම් වාර්තා, ප්‍රසම්පාදන කමිටු තීරණ, පාරිසරික බලපෑම්, තක්සේරු වාර්තාව සහ අනෙකුත් අදාළ ලියකියවිලි ඉල්ලා සිටියේ ය.
  • ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ගිං – නිල්වලා ජල හැරවුම් ව්‍යාපෘතිය පිළිබඳව කරුණු ඉස්මතු කරමින් තිරුකුමාර් නඩේසන් එම ව්‍යාපෘතියට සම්බන්ධ වන ආකාරය ප්‍රශ්න කරනු ලැබුවේ ය. එහිදී එම පක්ෂය, චෝදනා කර සිටියේ, CMAC ඉංජිනියරින් සමාගමේ සහ තිරුකුමාර් නඩේසන් (හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියා) යන නම යටතේ පවතින හොංකොංං හි පිහිටා  ඇති විදේශීය සමාගමක් වන රෙඩ් රූත් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් නැමති සමාගමේ බැංකු ගිණුම් අතර මිලියන ගණනින්  අරමුදල්  හුවමාරු වී ඇති බව ය. [v] [vi]

ගත හැකි ක්‍රියාමාර්ග

  • මෙම කොන්ත්‍රාත්තුව හරහා මහජන අරමුදල් අහිමි වීමට හේතු පාදක වූ රාජ්‍ය නිලධාරින් හෝ නියෝජිතයන් පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස බල කර ඉල්ලා සිටීම.
  • ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුව ලබා ගත් සමාගම කොන්ත්‍රාත්තුව කඩ කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජය වෙනුවෙන් පෙනී සිටීම.
  • මෑතක දී පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්වෙන් ද සම්බන්ධ වූ තිරුකුමාර් නඩේසන්ට අදාළව අල්ලස් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටීම.
  • මහජන අරමුදල් මහා පරිමාණ අයතා පරිහරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) වැනි පාර්ලිමේන්තු අධීක්‍ෂණ කාරක සභාවලින් ඉල්ලා සිටීම.

 

[i] http://www.colombopage.com/archive_21A/Mar23_1616475306CH.php

[ii] http://www.irrigationmin.gov.lk/ongoing-projects/index.html

[iii] https://www.youtube.com/watch?v=-OozYoNolww

[iv] http://www.colombopage.com/archive_21A/Mar23_1616475306CH.php

[v] https://island.lk/jvp-calls-for-multi-agency-probe-into-rs-4-bn-gin-nilwala-scam/

[vi] https://island.lk/jvp-calls-for-multi-agency-probe-into-rs-4-bn-gin-nilwala-scam/

This website uses cookies to improve your web experience.