සුදු ලූනු වංචාව

සිදු වූ පාඩුව

17.9 M ට ඉහළය  (ප්‍රවෘත්ති වාර්තාවලට අනුව)

විස්තර:

  • ස.තො. ස.ට විශාල පාඩුවක් සිදු කරමින් ස.තො.ස. නිලධාරින් පිරිසක් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහය/අනුග්‍රහය ඇතිව පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් ඍජුවම වරායෙන් නීතිවිරෝධී ලෙස පෞද්ගලික සමාගමකට අලෙවි කරමින් තිබූ කිලෝග්‍රෑම් 56,000කට අධික සුදු ලූනුු කන්ටේනර් දෙකක් සම්බන්ධයෙන් ස.තො.ස. සේවකයකු විසින් පාරිභෝගික සේවා අධිකාරියට හෙළිදරව් කිරීමේ ක්‍රියාවෙන් මෙම වංචාව අනාවරණය විය. [i]
  • පාරිභෝගික සේවා අධිකාරියෙහි හිටපු විධායක අධ්‍යක්ෂවරයා එක්තරා රූපවාහිනී වැඩසටහනක දී මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ මෙම වංචාව ස.තො.ස. ඉහළ පෙළ නිළධාරීන් කිහිප දෙනෙකුගේ සහය මත සිදුවී ඇති බවයි.[ii]
  • පාරිභෝගික සේවා අධිකාරියෙහි හිටපු විධායක අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් කැඳවා ඇති බවද පසුව වාර්තා විය.
  • සුදු ලූනු වංචාවට අදාළ දත්ත, රාජ්‍ය සිල්ලර වෙළෙන්දෙකු වන ලංකා සතොස ආයතනයේ පරිගණක දත්ත ගබඩාවෙන් මකා දමා හෝ විනාශ කර ඇති බව ද පසුගියදා වාර්තා විය. [iii]

දූෂණ අක්‍රමිකතාව කුමක්ද?

මහජන මුදල් අවභාවිතය
• පුද්ගලික වාසි තකා රාජ්‍ය තනතුරු අනිසි ලෙස භාවිතා කිරීම
• විනිවිදභාවය නොමැතිකම

වින්දිතයන් කවුද?

සිදු වූ පාඩුව නිසා රාජ්‍ය ආයතනයක් ලෙස ලංකා ස.තො.ස.
• සුදු ලූනු මිල අධික වීම සහ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ආයෝජනය කළ හැකිව තිබූ රාජ්‍ය අරමුදල් අහිමි වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව.

අනුගමනය කළ ක්‍රියා ක්‍රියාමාර්ග

ඉහත කී සුදු ලූනු තොගය ආනයනය කරන්නා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කළේ ය.[iv]

ගත හැකි ක්‍රියාමාර්ග

  • පරීක්ෂණ ස්වාධීනව සහ අපක්ෂපාතීව කරගෙන යාමට බලපෑම් කිරීම.
    • අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම.
    • නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනවල සොයාගැනීම් මහජනතාවට හෙළි කරන ලෙස ඉල්ලා සිටීම.

 

[i] https://www.newsfirst.lk/2021/09/15/and-now-a-garlic-scam-heres-your-garlicscam-101/

[ii] https://www.newswire.lk/2021/09/18/61492-ch/

[iii] https://www.themorning.lk/garlic-scam-computer-records-tampered-with-cid/

[iv] https://www.newsfirst.lk/2021/09/15/garlicscam-four-sathosa-officials-interdicted/

This website uses cookies to improve your web experience.