මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන කොටස
විස්තරය
2022 මුල් භාගයේදී, චීනයේ Metallurgical Corporation of China (MCC) Ltd විසින් රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 19.6 ක කොටස, එනම් මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටස, ඉදිකිරීමේ ටෙන්ඩරයේ සිදු වූවා යැයි සිතන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවන ලදී.[i] MCC ට වඩා වැඩි ලංසුවක් ඉදිරිපත් කර තිබියදීත්, දේශීය සමාගමකට ඉදිකිරීම් අනුමැතිය ලබා දී ඇති බැවින්, ශ්‍රී ලංකාව තරඟකාරී ලංසු තැබීම සඳහා වන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව සමාගම කියා සිටියි.
2009 වසරේ සිට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටින MCC සමාගම[ii], තම සමාගමට වඩා LIDC ලෙස හඳුනාගෙන ඇති දේශීය සමාගම තෝරා ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැමිණිලි කළේය.
MCC විසින්, වසර 15ක් සඳහා ඉදිකිරීම්, මෙහෙයුම් සහ නඩත්තු වියදම් සහ මූල්‍ය පිරිවැය ඇතුළුව, ඇමරිකානු ඩොලර් මිලියන 1,070කට ලංසු තැබූ අතර, LIDC සමාගම විසින් ඩොලර් මිලියන 62.4ක අර්ධ වාර්ෂික වාරික 30කින් ගෙවිය යුතු වන ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 1,872ක ලංසුවක් ඉදිරිපත් කළේය.
හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් 2021 වසරේ අනුගමනය කළ මුල් ටෙන්ඩර් ක්‍රියාවලිය අවලංගු කිරීමට යෝජනා කර තිබූණි. නමුත් ඊට දින 10 කට පසු ඔහු නැවතත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මුල් ක්‍රියාවලිය දිගටම කරගෙන යාමට නිර්දේශ කළේය.[iii]
මෙය ඉක්මන් සහ විනිවිදභාවයක් නොමැති ක්‍රියාවලියක් වන අතර, ඒ පිළිබඳ තොරතුරු විවෘත අවකාශයේ නොමැත. එම නිසා සැපයුම්කරුවෙකු තෝරා ගැනීමේදී නියමිත ක්‍රියාවලිය අනුගමනය කර තිබේද යන්න පිළිබඳ බරපතල ගැටළුවක් මතු විය.[iv]
මෙහි ඇති දූෂණ ක්‍රියා වන්නේ මොනවාද?
- නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කිරීම.
- තීරණ ගත් අය අයුතු වාසි ගත්තාද යන්න සහ ඔවුන් පෞද්ගලික පාර්ශවය හා එක්වී වංචා කළේද යන්න සැක සහිත වීම.
- අනුගමනය කරන ලද ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජනතාවට වගවීමක් නොමැති වීම.
- මෙම කරුණ සම්බන්ධයෙන් මහජනතාවට විනිවිදභාවයක් නොමැති වීම.
මෙම කරුණට අදාළ මුල්‍ය වටිනාකම
රුපියල් බිලියන 542.6 (ඇමරිකානු ඩොලර් බිලියන 1.87)
මේ සම්බන්ධව ගන්නා ලද පියවර මොනවාද?
මෙම ව්‍යාපෘතියට අදාළ කිසිදු පාර්ශවයකට කොන්ත්‍රාත්තුව ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස අතුරු නියෝගයක් ඇතුළු සහන කිහිපයක් ඉල්ලා සඳුන් තුඩුගල සහ රේණුක සම්පත් යන ක්‍රියාකාරීන් දෙදෙනා විසින් අභියාචනාධිකරණයට මහජන සුබසාධනය පිණිස වූ පෙත්සමක් ගොනු කළෝය.[v]
මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ ක්‍රියාවලිය නිසා නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය වන බවට පෙත්සමෙහි කරුණු ඉදිරිපත් කර ඇත.[vi]
රජය මෙම ටෙන්ඩරය ඉදිරියට ගෙන නොයන බවත්, ව්‍යාපෘතිය සඳහා අලුතින් ලංසු කැඳවන බවත්, 2022 ජූලි මාසයේදී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.[vii]
“අහිතකර ආර්ථික තත්ත්වයන්” හේතුවෙන් ටෙන්ඩරය අවලංගු කළ බව පසුව මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේය.[viii]
තවදුරටත් කළ හැකි දේ මොනවාද?
- මීළඟ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමට වග බලා ගැනීම.
- මෙවැනි සිද්ධීන් වීම වැළැක්වීමට මාධ්‍යවේදීන් හා පුරවැසියන් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම.
- විවෘත සහ පාරදෘශ්‍යභාවය සහිත තොරතුරු පද්ධති සහ විද්‍යුත් ප්‍රසම්පාදන පද්ධති ඉල්ලා සිටීම.
[i] https://english.theleader.lk/news/1963-highway-robbery-mcc-writes-to-president-on-cep-tender-fraud
[ii] https://www.sundaytimes.lk/220417/sunday-times-2/the-hurry-to-award-the-central-expressway-project-hara-kiri-for-lankas-economy-479790.html
[iii] https://www.pressreader.com/sri-lanka/sunday-times-sri-lanka/20220403/281715503134271
[iv] https://www.sundaytimes.lk/220220/business-times/central-expressway-project-phase-3-tainted-with-irregularities-473234.html
[v] https://www.sundaytimes.lk/220612/news/central-expressway-third-section-rda-tells-court-it-wont-sign-agreements-till-july-26-485787.html
[vi] https://www.sundaytimes.lk/220605/news/public-interest-petition-seeks-a-halt-to-central-expressway-section-3-contracts-484968.html
[vii] https://www.sundaytimes.lk/220731/news/govt-wont-proceed-with-controversial-cep3-tender-ag-informs-ca-490549.html