අත්හිටුවන ලද දූෂණ නඩු

තාක්ෂණිකදෝෂ හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කර ගත් නඩු.

අංකය විත්තිකරු චෝදනාව පැමිණිලිකරු අත්හිටුවීමට හේතුව මූලාශ්‍රය
1

 

 

 

 

 

වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

 

 

2010 මාර්තු 31 සිට 2014 මැයි 31 දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 41.2ක වත්කම් නීති විරෝධී ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන්.

 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව

 

 

 

තාක්ෂණික දෝෂ හේතුවෙන්

 

 

 

 

https://ceylontoday.lk/news/rohitha-released-from-case

 

2 හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්

 

2010 වර්ෂයේ දෙසැම්බර් මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා කාලය තුළ  සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම (LECO) විසින් ඉඩම් කැබැල්ලක් මිල දී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන්.

 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව

 

තාක්ෂණික දෝෂ හේතුවෙන්

 

https://ceylontoday.lk/news/bribery-commission-will-withdraw-case-against-mohan-peiris
3 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී රුපියල් මිලියන 883ක මුදලක් පෞද්ගලික  පරිහරණයට භාවිතා කිරීම/අයථා ලෙස උපයා ගැනීම. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව  

තාක්ෂණික දෝෂ හේතුවෙන්

 

https://ceylontoday.lk/news/case-against-sajin-vass-withdrawn

 

4 ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත සහ තවත් සැකකරුවෝ තිදෙනෙක්(ලක්සලෙහි කළමනාකරණ අධ්‍යක්ෂිකා වන, ලක්ෂ්මි පෙරේරා, මුල්‍ය  අංශයෙහි අධ්‍යක්ෂිකා  සන්ධ්‍යා පෙරේරා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂ උපාලි පෙරේරා) යන අය 2006 දී නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියක නිරත වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තාක්ෂණික දෝෂ හේතුවෙන්

 

https://ceylontoday.lk/news/laksala-ex-chairman-three-others-released-from-ciaboc-procurement-case

 

5 අමාත්‍ය බැසිල් රාජපක්ෂ  සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක 2015 ජනාධිපතිවරණයට පෙර GI නළ මිල දී ගෙන බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 36.5ක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන්. නීතිපති (පසුගිය දිවිනැගුම නඩුවට යොමුවීමෙන් අනතුරුව)

 

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය යටතේ අධි චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගන්නා ලදි.

https://asianmirror.lk/news/item/33683-basil-rajapaksa-and-kithsiri-ranawaka-acquitted-from-divineguma-case-as-attorney-general-withdraws-indictment

 

https://www.newsfirst.lk/2021/10/15/ag-withdraws-indictments-against-basil-in-gi-pipe-case/

 

 

සටහන – 2021 මාර්තු 23 වැනි දින Ceylon Today පුවත්පතේ වාර්තා වූයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙහි නව සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් තාක්ෂණික දෝෂ සහිත බව පවසමින්  නඩු 45ක් පමණ අත් හැර දැමීමට  තීරණය කර ඇති බවයි. [i]

2018.01.01 – 2021.07.10 අතර කාලය තුළ ඉල්ලා අස්කර ගත් නඩු ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් ගොනු කර ඇති අතර, එම නඩු නැවත ඇසීමේ  ක්‍රියා සැලැස්ම පිළිබඳ  තවදුරටත් විමසා ඇත.[ii]

 

අංකය විත්තිකරු චෝදනාව පැමිණිලිකරු අත්හිටුවීමට හේතුව මූලාශ්‍රය

 

1 හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ මහරගම ප්‍රදේශයේ ඉඩමක් පවරා ගැනීම සම්බන්ධයෙන්. නීතිපති කාල සීමාව ඉක්මවා යමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි. https://www.newswire.lk/2021/03/15/former-dig-vass-gunawardena-wife-released-from-a-case/

 

2 අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී රුපියල් මිලියන 3.9ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී තිබේ. නීතිපති සාක්ෂි නොමැතිකම නිසා https://www.dailymirror.lk/breaking_news/Mahindananda-Aluthgamage-acquitted-and-released/108-206596

 

3 අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ මොහොමඩ්

ෂකීර්

2010 සිට 2014 දක්වා කාලසීමාව තුළ  රජයට රුපියල් මිලියන 40ක පාඩුවක් සිදු කරමින්, ස.තො.ස. සේවකයන් 153 දෙනෙකු නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම   සම්බන්ධයෙන්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම  විසින් මෙම පුද්ගලයන්ට එරෙහිව වෙන වෙන ම නඩු 5ක් ගොනු කර ඇත.  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නඩුව ගොනු කිරීමේ දී CIABOC විසින් සිදු කරන ලද තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එක් නඩුවක් නිෂ්ප්‍රභ විය.

තවත් නඩු දෙකක දී මෙම විත්තිකරුවන් තිදෙනා නිදහස් කරනු ලැබුවේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බව පවසමිනි.

අනෙක් අවස්ථා දෙක ගැන ප්‍රසිද්ධ කොට ඇති යාවත්කාලීන තොරතුරු නොමැත.

 

https://www.newswire.lk/2021/01/15/court-discontinues-case-agast-jognston-fernando/

 

 

https://ceylontoday.lk/news/johnston-and-two-others-released

 

4 හිටපු රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ රන්ජන් කනගසබායි පෞද්ගලික සමාගමක් විසින්  ආනයනය කරන ලද වාහනයකට අදාළ නිෂ්කාශන වාර්තාවක් නිකුත් කිරීම සඳහා රුපියල් මිලියනයක අල්ලසක් ඉල්ලා සහ ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සාක්ෂි නොමැතිකම නිසා http://www.dailynews.lk/2021/01/23/law-order/239640/customs-director-acquitted-after-lengthy-bribery-trial

 

 

UPDATE – 2020 අප්‍රේල් මස වාර්තා වූ ආකාරයට විවිධ හේතු මත ඉවත් කරගත් නඩු 28ක් නැවත පැවරීමට කොමිෂන් සභාව පියවර ගෙන ඇත. – Click Here

 

 

_______________________________________________________________________

[i] https://ceylontoday.lk/news/ciaboc-withdrawing-around-45-bribery-cases-defence-counsel

[ii] https://www.rtiwatch.lk/requests/?drawer1=CIABOC%20withdrawn%20cases

This website uses cookies to improve your web experience.