![](https://www.hindsight.tisrilanka.org/wp-content/uploads/2021/12/db.jpg)
දත්ත වංචාව – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත මකා දැමීම
විස්තර:
ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යනු ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා කෝවිඩ්-19 එන්නත්වලට් අනුමැතිය ලබා දීමේ කාර්යභාරය ඇතුළු බොහෝ හේතු නිසා කෝවිඩ්-19 වසංගතය අතරතුර මතභේදාත්මක ලෙස සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන ආයතනයකි.
කෙසේ වෙතත්, “ඖෂධ සැකසීම සහ වෙනත් රහස්‍ය උපකාරක ලියකියවිලි” සම්බන්ධ රහසිගත තොරතුරු අඩංගු (NMRA) දත්ත ගබඩාවේ දත්ත මකා දැමීමක් 2021 අගෝස්තු මාසයේ දී වාර්තා විය. දත්ත මකා දැමීමේ දී 2TB පමණ දත්ත අහිමි විය.[i]
මෙම තොරතුරු අහිමි වීම සහ එම අහිමි වූ තොරතුරු (හෙළි වීමක් සිදුවුවහොත්) “දේශීය ඖෂධ සමාගම් සිය විදේශීය ප්‍රධානීන් සමඟ පවත්වනි ව්‍යාපාරික සබඳතාවලට” විශාල තර්ජනයක් විය හැකි බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. කෙසේ වෙතත් මෙය මේ මොහොතේ නිශ්චිතව ම ඔප්පු කළ නොහැකි වී ඇත්තේ පුරවැසියන්ට මේ සම්බන්ධයෙන් ප්‍රවේශ විය හැකි සාක්ෂි මදකම සහ දැනට ක්‍රියාත්මක වන පරීක්ෂණ නිසා ය.
දූෂණ අක්‍රමිකතාව කුමක්ද?
• විනිවිදභාවය නොමැතිකම
• පොදු දේපළ නොසලකා හැරීම හෝ අවභාවිතා කිරීම
• මෙම ක්‍රියාව “කඩාකප්පල්කාරී” ක්‍රියාවක් ද විය හැකි ය.
අනුගමනය කළ ක්‍රියාමාර්ග
- සමගි ජන බලවේගය (SJB) විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළේ ය.[ii]
- පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රමුඛ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළහ.[iii]
ගත හැකි ක්‍රියාමාර්ග
- ස්වාධීන සහ කඩිනම් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම.
- පරීක්ෂණවල සොයාගැනීම් ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම
- රාජ්‍ය අංශයේ සහ පාලනයේ වගවීම සහ විනිවිදභාවය අඛණ්ඩව ඉල්ලා සිටීම.
[i] https://www.sundaytimes.lk/210815/news/mystery-deepens-over-missing-files-on-nmra-cloud-service-provider-had-no-backup-452555.html
[ii] https://www.newsfirst.lk/2021/08/30/nmra-data-loss-sjb-lodges-complaint-with-cid/
[iii] http://www.colombopage.com/archive_21B/Sep19_1632064699CH.php