ඉන්දීය නිවාස ව්‍යාපෘතිය 2010
විස්තරය
වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්ව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික මූලාරම්භයක් වන, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන්, ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාව 2010 වර්ෂයේ සිට සහයෝගයෙන් කටයුතු කර ඇත. ශ්‍රි ලංකාවේ වැවිලි අංශය තුළ පවත්නා දීර්ඝකාලීනව නොසලකා හරින ලද බව සහ දුර්වල නිවාස ප්රමිතීන් හඳුනාගනිමින්, මේ ව්‍යාපෘතිය මගින් විශේෂයෙන් ම, මධ්‍යම කඳුකරය සහ වෙනත් ප්‍රධාන දිස්ත්‍රික්කවල කාලයක් පැවතිය හැකි සනීපාරක්ෂක සහ ආරක්ෂිත නිවාස ගොඩනැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම ව්‍යාපෘතිය අදියර කිහිපයකින් සමන්විත වූ අතර, එහි කාලීනතම අදියර වූ සිව්වන අදියර 2023 වර්ෂයේදී දියත් කරන ලදී. ශ්‍රී ලංකාවේ වතුයායන්වල සුබසාධනය පුළුල් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ලබාදුන් ප්‍රතිඥාව ක්‍රියාත්මක කරමින්, වතු කම්කරුවන් සඳහා නව නිවාස දහසකට අධික සංඛ්‍යාවක් ගොඩනැංවීම මෙම අදියරෙහි සැලසුම වේ. දරිද්‍රතාවය, අධික තදබදය සහ ප්‍රමිතියකින් තොර යටිතල පහසුකම්වලට ඓතිහාසිකව මුහුණ පෑ ප්‍රජාවන් තුළ පවතින ඉතා වැදගත් අවශ්‍යතාවක් ඉටු කරමින්, මෙම වැඩසටහන යටතේ, මේ දක්වා 10,000කට අධික නිවාස සංඛ්‍යාවක් සැලසුම් කර හෝ සම්පූර්ණ කර ඇත. මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රජයන් විසින් ඒකාබද්ධව කළමනාකරණය කරනු ලබන අතර, කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් අරමුදල් සැපයීමට, ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවලට සහ රාජතාන්ත්‍රික අධීක්ෂණයට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබයි. මෙම මූලාරම්භය ද්විපාර්ශ්වීය සම්බන්ධීකරණයේ වැදගත් සලකුණක් වන අතර, ආන්තික ප්‍රජාවන් තුළ දරිද්‍රතාවය තුරන් කිරීමට සහ සමාජ සංවර්ධනය කිරීම සඳහා සෘජු වශයෙන් දායක වේ.
සිදුව ඇති දූෂණය කුමක්ද?
ඉන්දීය නිවාස ව්‍යාපෘතිය, වතු කම්කරුවන්ගේ නිවාස වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරම්භ කළ ද, ආරම්භයේදීම එහි කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය අවම විය. ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය මහජනයා වෙත අනාවරණය වූයේද සීමා සහිතව ය.
නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර අයථා පක්ෂපාතීත්වය ඥාතිවාදය සහ පළිගැනීම් සඳහා අවස්ථා නිර්මාණය කරමින්, පැහැදිලි හෝ ප්‍රමිතිගත නිර්ණායකවලින් තොරව කොන්ත්‍රාත්තු ප්රදානය කරන ලදී.
දුර්වල ව්‍යාපෘති කළමනාකරණය සහ පෞද්ගලික වාසි වෙනුවෙන් ව්‍යාපෘතිය සිතාමතාම මන්දගාමී කළ බවක් පෙන්නුම් කරමින්, වැඩ අවසන් කිරීමේ දින නිරන්තරයෙන් අතපසු කිරීමෙන් ඉදිකිරීම් කටයුතුවල මූලික අදියර සැලකිය යුතු ප්‍රමාදයන්ට භාජනය විය.
අරමුදල් අයුතු ලෙස භාවිතා කිරීම හෝ අනිසි ලෙස වෙන් කිරීම පිළිබඳව රතු එළි දල්වමින්, ඇතැම් අවස්ථාවලදී පැහැදිලි සාධාරණීකරණයක් හෝ ප්‍රසිද්ධ පැහැදිලි කිරීමකින් තොරව, විවිධ අදියර සඳහා වෙන්කළ අයවැය සැලකිය යුතු ලෙස ඉක්මවන ලදී.
නිවාසවල ආරක්ෂාව සහ කල්පැවැත්ම අනතුරේ හෙලමින්, බාල ගඩොල් හෝ සිමෙන්ති වැනි බාල ඉදිකිරීම අමුද්‍රව්‍ය භාවිත කිරීම සහ ප්‍රමාණවත් නොවන වැඩ නිමාව පිළිබඳ වාර්තා සහ පැමිණිලි ඉදිරිපත් විය.
පරිපාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ කටයුතුවලින් ප්රතිලාභ ලබන වතුකම්කරුවන් විශාල වශයෙන් බැහැර කරන ලද අතර, එමගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පරීක්ෂා කිරීම් සීමාසහිත වූ අතර, අනුක්‍රමිකතා පැවැත්මට ඉඩ සැලසුණි.
බාහිර වගවීම අවම කරමින් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හෝ දඬුවම් ලබානොදීමට ඉඩ සලස්වමින්, පැවති විධිමත් ස්වාධීන අධීක්ෂණ හෝ විගණන යාන්ත්‍රණ දුර්වල ඒවා විය. නැතහොත් ඒවා දුර්වල ලෙස ක්‍රියාත්මක විය.ඇතැම් විට, එවැනි කිසිදු යාන්ත්‍රණයක් නොමැති අවස්ථාද පැවතී ය.
දුර්වල පාලනය හේතුවෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන්කරන ලද අරමුදල් ව්‍යාපෘතියට සම්බන්ධ අතරමැදිකරුවන් විසින් වෙනතකට හැසිරවීමේ, අයුතු ලෙස අත්කර ගැනීමේ හෝ ගිලිහීමේ අවධානමක් පැවතිය.
මහජනයාට ප්‍රවේශ විය හැකි මූල්‍ය වාර්තා, ව්‍යාපෘති යාවත්කාලීන කිරීම් හෝ ප්‍රගති සටහන් අවම වීම තුළින් විනිවිදභාවය තවදුරටත් අඩපණ වූ අතර, මෙමගින් පුරවැසියන් සහ සිවිල් සමාජය විසින් ව්‍යාපෘතියේ සම්පත් භාවිතය හෝ ව්‍යාපෘතියේ ප්‍රතිඵල පිළිබඳ සායනීය ලෙස සොයා බැලීම වැළැක්විණි.
ව්‍යාපෘති අධීක්ෂණය සම්බන්ධයෙන් වගකිවයුතු නිලධරයන්ට කොන්ත්‍රාත්කරුවන් සමඟ සමීප සම්බන්ධතා තිබූ අවස්ථාවලදී, බැඳියාවන් පිළිබඳ ගැටුම් උද්ගත වූ අතර, එමගින් අපක්ෂපාතීත්වය ප්‍රගුණ වීම හා දූෂිත තීරණ ගැනීමේ අවධානම වර්ධනය වීම සිදුවිය.
දුක්ගැනවිලි කළමනාකරණ යාන්ත්‍රණ ප්‍රමාණවත් නොවන හෝ නිසි ලෙස ක්‍රියාත්මක නොවන ඒවා වූ අතර, එම හේතුවෙන් ප්‍රතිලාභීන්ට දුර්වල වැඩ නිමාව ප්‍රමාද දෝෂ හෝ සැක සහිත දූෂණ ක්‍රියා පිළිබඳ දැනුම්දීමේ පැහැදිලි මාර්ගයක් නොමැති විය.
ඊට අදාළ මූල්‍ය වටිනාකම
මූලාශ්‍ර ලේඛනයේ සඳහන් කර නැත.
සිදුකර ඇත්තේ කුමක්ද?
මූලාශ්‍ර ලේඛනයේ සඳහන් කර නැත.
සිදුකළ හැක්කේ කුමක්ද?
- ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පූර්ණ විනිවිදභාවය සහතික කරමින් සියලු ටෙන්ඩර ලේඛන, කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ නිර්ණායක සහ කොන්ත්‍රාත් ප්රදානය කිරීම මාර්ගගතව පළකිරීම.
- ඉදිකිරීමේ ගුණාත්මකභාවය සහ කාලරාමු නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සඳහා ප්‍රතිලාභීන්, සිවිල් සමාජ නියෝජිතයින් සහ තාක්ෂණික විශේෂඥයන් ඇතුළු ස්වාධීන අධීක්ෂණ කමිටු සෑදීම.
- ව්‍යාපෘතියේ ප්‍රගතිය, මූල්‍ය වියදම් පරීක්ෂා කෙරෙන සහ පැමිණිලි හෝ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ඉඩ සලස්වන මහජනයාට ප්‍රවේශ විය හැකි ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම.
- කම්කරුවන්ට, ප්‍රමාදවීම්, දුර්වල වැඩ නිමාව හෝ දූෂණ ක්‍රියා පිළිබඳව ආරක්ෂිතව සහ නිර්ණාමික වාර්තා කිරීමට ඉඩ ලබාදෙන පැහැදිලි දුක්ගැනවිලි කළමනාකරන යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
- මහජන විශ්වාසය ගොඩනැංවීම සහ විෂමාචාර සිදුවීම වැළැක්වීම සඳහා ස්වාධීන වූ මූල්‍ය සහ තාක්ෂණික විගණන නිරන්තරයෙන් පවත්වා එහි ප්‍රතිඵල විවෘතව පළ කිරීම.
- වගකිවයුතු බව වර්ධනය කිරීම සහ ව්‍යාපෘතියේ අයිතිය තහවුරු කිරීම සඳහා සැලසුම්කරණ, අධීක්ෂණ සහ තීරණ ගැනීම සම්බන්ධ කටයුතුවලදී වතුකම්කරු ප්‍රජාව සහභාගි කරගැනීම.
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලු සහ දූෂණ ක්‍රියා අවදානම් පිළිබඳව වහාම ක්‍රියාත්මකවීමට ඒකාබද්ධ අධීක්ෂණ සංසද හරහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දිය බලධාරී අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම.
- දූෂණ විරෝධී නිසි පිළිවෙත්, ආචාරධර්මවලට අනුව ප්‍රසම්පාදනය කටයුතු සිදුකිරීම සහ යහපාලන මූලධර්ම සම්බන්ධයෙන් ව්‍යාපෘති කාර්ය මණ්ඩලය, දේශීය නිලධරයන් සහ කොන්ත්‍රාත්කරුවන් පුහුණු කිරීම.
ප්‍රගතිය අධීක්ෂණය කිරීම, අක්‍රමිකතා හෙළිදරව් කිරීම සහ විනිවිදභාවය ස්ථිරව පවත්වාගෙන යාම සඳහා ක්‍රියාකාරී සිවිල් සමාජ සහ මාධ්‍ය සම්බන්ධ කර ගැනීම දිරිමත් කිරීම. - අයථා පක්ෂපාතීත්වය සිදුවීම වළක්වා අපක්ෂපාති ව්‍යාපෘති කළමනාකරණයක් සිදුවන බවට සහතික කිරීම සඳහා නිලධාරීන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට ගැටුම් සහගත සම්බන්ධතා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
- ටෙන්ඩර් ලේඛන, ඇගයීම් නිර්ණායක සහ කොන්ත්‍රාත් ලබාදීම ප්‍රසිද්ධ කිරීම මගින් කොන්ත්‍රාත්කරුවා තෝරා ගැනීමේ කාර්යයෙහි පූර්ණ විනිවිදභාවය සහතික කිරීම.
- ඉදිකිරීම් තත්ත්වය සහ කාලරාමු අධීක්ෂණය කිරීම සඳහා වතුකම්කරුවන් සිවිල් සමාජ නියෝජිතයින් සහ තාක්ෂණික විශේෂඥයන් ඇතුළු ස්වාධීන අධීක්ෂණ කමිටු ස්ථාපිත කිරීම.
- ව්‍යාපෘතියේ ප්‍රගතිය, අයවැය, අරමුදල් වැයකිරීම සහ පැමිණිලි තත්කාලයේදීම පරීක්ෂා කිරීම සඳහා මහජනතාවට ප්‍රවේශ විය හැකි ඩිජිටල් පෝරමයක් සැකසීම.
- පලිගැනීමට ලක්වීමේ බියකින් තොරව, දුර්වල වැඩ නිමාව, ප්‍රමාදවීම් හෝ සැක සහිත දුෂිත ක්‍රියා පිළිබඳ ආරක්ෂාකාරීව වාර්තා කිරීම සඳහා ප්‍රතිලාභීන්ට ඉඩ සලස්වන දුක්ගැනවිලි කළමනාකරන යාන්ත්‍රණ ශක්තිමත් කිරීම.
- ව්‍යාපෘතිය පිළිබඳව ස්වාධීන වූ මූල්‍ය සහ තාක්ෂණික විගණන නිරන්තරයෙන් පැවත්වීම සහ විගණනයේ නිරීක්ෂණ ප්‍රසිද්ධ කිරීම.
- වගකිව යුතු බව වැඩිකිරීම සහ ප්‍රතිලාභීන් අතර විශ්වාසය ගොඩනැංවීම සඳහා සැලසුම්කරන සහ අධීක්ෂණ කටයුතුවලදී ප්‍රජා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම.
- ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කර, සහයෝගීව අභියෝග ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බලධාරීන් අතර ඒකාබද්ධ අධීක්ෂණ සංසද ඇතිකිරීම සඳහා පහසුකම් සැලසීම.
- දේශීය නිලධරයන්ට, කොන්ත්‍රාත්කරුවන්ට, සහ ප්‍රජා අධීක්ෂකවරුන්ට යහපාලනය සහ දූෂණ විරෝධි නිසි පිළිවෙත් පිළිබඳ පුහුණු වැඩසටහන් ලබා දීම සහ ඔවුන්ගේ ශක්‍යතා ගොඩ නැංවීම.
- ව්‍යාපෘතියේ ප්‍රගතිය වාර්තා කරමින් සහ අක්‍රමිකතා අනාවරණය කරමින් ව්‍යාපෘතිය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීමට සිවිල් සමාජය සහ මාධ්‍ය දිරිමත් කිරීම.
- ව්‍යාපෘති කළමනාකරණය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ නිරතව සිටින නිලධරයන්ගේ අපක්ෂපාතී බව සහතික කිරීම සඳහා බැඳියාවන් පිළිබඳ ගැටුම් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
සබැඳි
කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය – ඉන්දීය නිවාස ව්‍යාපෘතිය පිළිබඳ දළ විශ්ලේෂණය : ව්‍යාපෘතියේ අදියර, අරමුණු සහ සාධනය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සපයනු ලබයි.
https://www.hcicolombo.gov.in/page/indian-housing-
project/
UN වාසභූමි – ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන ඉන්දීය නිවාස ව්‍යාපෘතිය : ප්‍රජා සහභාගිත්වය සහ ස්ථීරසාර භාවිතය අරමුණු කරමින් ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ ඌව පළාතේ තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන ආකාරය පිළිබඳ විස්තර සපයනු ලබයි.
https://unhabitat.net/projects/sri_lanka/detail17_en.html
නිවාස වෙන් කිරීමේ දූෂණ චෝදනාවන්ට ලක් වූ ලංකා කම්කරු සම්මේලනය (CWC) නිවාස වෙන් කිරීමේදී වෘත්තීය සමිති සාමාජිකයන්ට අයථා පක්ෂපාතීත්වයක් දැක්වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු සම්මේලනයට එරෙහි චෝදනා පිළිබඳ වාර්තාව;
https://www.tamilguardian.com/content/cwc-accused-corruption-when-allocating-homes-indian-housing-project
TV Morning – IV අදියර සම්බන්ධ ගැටළු- මෑත කාලීනව ආරම්භ කළ, ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ IV වන අදියරේ උද්ගත වූ ගැටලු සාකච්ඡා කෙරෙනු ලැබේ.
https://www.themorning.lk/articles/k4Tw1L5NuBVrF6 SKMeGx
වෙනස් සැබැඳි:
අ. https://economynext.com/india-begins-construction-of-1300-houses-for-sri-lanka-plantation-workers-151457/
ආ. https://www.adaderana.lk/news.php?nid=97383
ඇ. https://economynext.com/india-to-construct-10000-houses-in sri-lanka-plantation-areas-141875/