KPMG වෝහාරික විගණනයට අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන විකුණුම් වාර්තා මිලියන ගණනක් මකාදමා තිබීම
විස්තරය
KPMG ආයතනය විසින් විසින් ශ්‍රී ලංකාවේ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත (CPSTL) සම්බන්ධයෙන් සිදුකරන ලද වෝහරික විගණනය මගින් 2010 වර්ෂයේ සිට SAP දත්ත පද්ධතියේ මිලියන 1.3කට වැඩි සටහන් සංඛ්‍යාවක් වෙනස් කිරීම හෝ මකා දැමීම ද ඇතුළු සැලකිය යුතු අක්‍රමිකතා පිළිබඳ හෙළිදරව් කර ඇත. මෙම සටහන් වෙනස් කිරීම් බොහෝමයක් 2022 වර්ෂයේ ඉන්ධන අර්බුදය අතරතුර සිදුවූ අතර, එමගින් ඉන්ධන බෙදාහැරීමේ සුපිළිපන්නභාවය සම්බන්ධයෙන් සැක මතුව ඇත.
සිදුව ඇති දූෂණය කුමක්ද?
ඉන්ධන බෙදාහැරීමේ පද්ධතිය අයුතු ලෙස හැසිරවීම සහ ඒ වටා සිදුවන නීතිවිරෝධි ක්‍රියාකාරකම් (දැඩි මහජන දුෂ්කරතා සඳහා හේතු වු ජාතික ඉන්ධන හිඟය මධ්‍යයේ අනවසරයෙන් ඉන්ධන විකිණීම වැනි අයුතු ලෙස හැසිරවීම මගින් සිදුකරන ලද නීතිවිරෝධී ක්‍රියාකාරකම්)
ඊට අදාළ මූල්‍ය වටිනාකම
විගණන පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව, 2023 දී රුපියල් බිලියන 4ක් දක්වා අඩු වූ, 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 28ක්ව පැවති දැවැන්ත කොටස් අලාභ පිළිබඳව විගණනය මගින් අනාවරණය කරන ලදී.
සිදුකර ඇත්තේ කුමක්ද?
ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) තුළ සිදුව ඇති බවට කියනු ලබන, දත්ත අයුතු ලෙස හැසිරවීම සහ කොටස් අලාභ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා චෝහාරික විගණනයක් සිදු කිරීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් උපදෙස් ලබාදෙන ලදී. විගණන ක්‍රියාවලිය අතරතුරදී ම දත්ත මකා දැමීමේ සිද්ධියක් ඇතුළුව දත්ත මකා දැමිම පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි මෙම විගණනය මගින් අනාවරණය කරන ලදී.
අනවසර දත්ත මකා දැමීමට සම්බන්ධ වූ පෞද්ගලික විගණන සමාගමක පුද්ගලයකු දැනට සිදුකරනු ලබන වෝහාරික විගණනයෙන් ඉවත් කර ඇත. දත්ත මකාදැමීම සම්බන්ධයෙන් “සාධාරණ සැකයක්” පවතින බවට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් පිළිගත් අතර, මෙම පුද්ගලයා එම සමාගමේ සේවකයකු නොවන බවට අනාවරණය කරමින්, දත්ත මකා දැමීම දුරස්ථ පිවිසුම් පද්ධතියක් හරහා සිදුවූ බවට තහවුරු කරන ලදී.
සිදුකළ හැක්කේ කුමක්ද?
දත්ත අයුතු ලෙස හැසිරවීම වැලැක්වීම සඳහා තත්කාලයේ අධීක්ෂණය කිරීමේ හැකියාව සහිත ශක්තිමත් කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
විශේෂයෙන්ම SAP වැනි වැදගත් පද්ධති ඇතුළු විගණන සඳහා නිශ්චිත කාලසටහනක් සහිතව නිරන්තරයෙන් විගණනය කිරීම සහ අනුකූලතාව පරීක්ෂාකිරිම සිදුකිරීම
සබැඳි
KPMG audit of Ceylon Petroleum Storage Terminals finds data deleted, stock losses
https://english.newsfirst.lk/2024/02/15/million s-of-fuel-sales-records-deleted-in-sri-lanka
https://www.dailynews.lk/2024/02/19/featured
/404804/deleting-data-the-latest-game/
https://ceylontoday.lk/2024/02/16/probe-reveals-major-fuel-scam-at-cpstl/