පැන්ඩෝරා පත්‍රිකා

ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය8 විසින් සිදුකරන ලද නවතම හෙළිදරව්ව මගින් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ රහස්‍ය ගනුදෙනුු අනාවරණය කරනු ලැබූ අතර එම ශ්‍රී ලාංකිකයින් තිදෙනා වන්නේ, නිරූපමා රාජපක්‍ෂ (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ ජල සම්පාදන හා ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය), ඇයගේ සැමියා, තිරුකුමාර් නඩේසන්[i] සහ රාමලිංගම් පාස්කරලිංගම් (හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශක සහ 2015-2019 රජය පැවති සමයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ සාමාජික) යන අයයි.[ii]

ඉහත සඳහන් කළ පුද්ගලයන් අක්වෙරළ සමාගම් හි  සඟවා තබනු ලැබූ මහා පරිමාණ වත්කම් සහ ධනය පිළිබඳ තොරතුරු මෙම පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය  කරන ලදිී.

දූෂණ අක්‍රමිකතාව කුමක්ද?

පැහැදිලි නොකළ ධනය අත්පත් කර ගැනීම, පොදු දේපළ අවභාවිතා කිරීම, විදේශ විනිමය පනත උල්ලංඝනය කිරීම, බදු ගෙවීම පැහැර  හැරීම සහමුදල් විශුද්ධිකරණය වේ

අනුගමනය කළ ක්‍රියාමාර්ග

  • පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට උපදෙස් ලබා දුන්නේ ය.[iii]
  • ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින්:
  • අල්ලස් කොමිසම වෙත පැමිණිලි ගොනු කරන ලදි. [iv] [v] [vi]
  • නිරූපමා රාජපක්‍ෂ මහත්මිය විසින් ලබා දී ඇති ඇයගේ වත්කම් ප්‍රකාශන ඉල්ලමින් තොරතුරු ඉල්ලුම්පත් තුනක් ගොනු කරන ලදි.
  • මුදල් විශුද්ධිකරණයට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් ඉක්මන් විමර්ශනයක් සිදු කරන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කරන ලදි..
  • අක්වෙරළ මුල්‍ය ප්‍රවාහ සක්‍රියකරන්නන් පාලනය කිරීමට සහ පැහැදිලි නොකළ වත්කම් රඳවා ඇති රටවල වගවීම සහතික කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයන් ඔස්සේ ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්නා ලෙස රජයෙන් ඉල්ලමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදි.15 16
  • 1975 වත්කම් සහ බැරකම් නීතිය(සංශෝධනය කරන ලද) යටතේ නිරූපමා රාජපක්‍ෂ මහත්මිය විසින් ලබා දී ඇති වත්කම් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාට,කතානායකවරයාට සහ මැතිවරණ කොමිසමට ලිඛිත ඉල්ලීම් සිදු කරන ලදි.

ගත හැකි ක්‍රියාමාර්ග

  • රටේ මහජන මුදල් වංචා කර විදේශයන්හි විශුද්ධිකරණය කර ඇත්දැයි නිශ්චය කර ගැනීම පිණිස චූදිත වරදකරුවන්ගේ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයන් පසු විපරමට භාජනය කිරීමට සහ එම විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසට අල්ලස් කොමිසමෙන් සහ නීති බලාත්මක කරන ආයතනවලින් බලකර ඉල්ලා සිටීම.
  • විමර්ශනවල සොයාගැනීම් පදනම් කර ගනිමින් අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පැනවීමට එම ආයතනවලින් බල කර ඉල්ලා සිටීම.
  • අදාළ දේශීය අධිකාරී ආයතන විසින් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති අදාළ වත්කම් සඟවා ඇති රටවල් සම්බන්ධ කර ගැනීම, එම රටවලින් විමර්ශනවලට සහයෝගය ලබා ගැනීම සඳහා තිබෙන අවස්ථාවන් උදාකර ගැනීම සහ සොරකම් කරන ලද වත්කම් නැවත මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටීම.

________________________________________________

UPDATE

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් කළ පැමිණිලි ද්විත්වය (BC/1676/2021 සහ BC/0073/2021 අංක දරන) තමන් වෙත ලැබුණු බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටි අතර පැමිණිලි අංක BC/1676/2021ට අදාළව, 2022 ජූනි 06 වන දින කොමිසම විසින් TISL ආයතනයෙන් ප්‍රකාශයක් ද සටහන් කරගන්නා ලදි.

එම පැන්ඩෝරා පත්‍රිකා විමර්ශන කටයුතුවල නවතම තත්ත්වය විමසමින් එය අවසන් කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා, 2022 ජූලි 19 වන දින TISL ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලිපියක් ඉදිරිපත් කරන ලදි.

__________________________________________

[i] https://www.icij.org/investigations/pandora-papers/sri-lanka-rajapaksa-family-offshore-wealth-power/

[ii] https://www.sundaytimes.lk/211031/news/460407-460407.html

[iii] https://www.themorning.lk/president-orders-probe-into-pandora-duo/

[iv] https://www.tisrilanka.org/tisl-calls-on-ciaboc-to-investigate-assets-of-r-paskaralingam/

[v] https://www.tisrilanka.org/tisl-files-complaint-with-ciaboc-on-pandora-papers-revelations/

[vi] https://www.tisrilanka.org/tisl-files-complaint-with-ciaboc-on-pandora-papers-revelations/