මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් පස්දෙනෙකු සහ වෙනත් තැනැත්තන් දෙදෙනකු විසින් නීතිවිරෝධී ලෙස වාහන ලියාපදිංචි කිරීම
විස්තරය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) සේවකයන් පස්දෙනෙකුට සහ වෙනත් තැනැත්තන් දෙදෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකාවේදී වාහන ලියාපදිංචි කිරීමේ වංචාවකට සම්බන්ධවීම සම්බන්ධයෙන් අධිචෝදනා ඉදිරිපත් කරනු ලැබ ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින්, ආනයනය කළ වාහන 400කට වැඩි සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීමට පෙර වංචනික ලෙස ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඉහතකී තැනැත්තන් හත්දෙනාට එරෙහිව නඩු පවරා ඇත. මුලින්ම, ජාතික විගණන කාර්යාලය විසින්, 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී එම වංචනික ලෙස වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් නිකුත් කරන ලදී. පසුව, CIABOC විසින්, නිසි රේගු නිෂ්කාශනයකින් තොරව වාහන 400ක් පමණ අනවසර ලෙස ලියාපදිංචි කිරීමට සම්බන්ධවීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් පස්දෙනාද, ඇතුළු එම තැනැත්තන් හත්දෙනාට එරෙහිව නඩු පවරන ලදී.
2009 අංක 8 දරන මෝටර් වාහන (සංශෝධන) පනතට අනුව යම් වාහනයක් ආරක්ෂාව පිළිබඳ නියමිත ප්‍රමිතිවලට අනුකූල නොවන්නේ නම් හෝ නීතිවිරෝධී ලෙස විකරණය කර ඇත්නම් හෝ ව්‍යාජ ලේඛන සහිතව ආනයනය කර ඇත්නම් එවැනි යම් වාහනයක් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට මෝටර් වාහන කොමසාරිස් ජනරාල්වරයාට බලය ඇත. එසේ වුවද, චූදිත තැනැත්තන් විසින් මෙම නියෝග මගහැර එම වාහන නීති විරෝධී ලෙස ලියාපදිංචි කර ඇත.
2024 වර්ෂයේ පෙබරවාරි මාසය වන විට CIABOC විසින් එම වාහන 400න් 156කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඉන් බොහොමයක් සුඛෝපභෝගී මෝටර් රථ ලෙස වර්ගීකරණය කරන ලද වාහන විය. කොමිෂන් සභාව විසින්, ඉන් වාහන හතක් ඒවායේ වත්මන් අයිතිකරුවන්ගෙන් ග්‍රහණයට ගෙන ඒවා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීම සඳහා අධිකරණ නියෝග ලබා ගන්නා ලදී.
සිදුව ඇති දූෂණය කුමක්ද?
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් නිසි රේගු නිෂ්කාශනයකින් තොරව වාහන ලියාපදිංචි කර ඇති අතර, එය 2009 අංක 8 දරන මෝටර් වාහන (සංශෝධන) පනත උල්ලංඝනය කිරීමක් වේ. එම පනත මගින් අනුමත ප්‍රමිතීන්ට අනුකූල නොවන හෝ නිසි ලේඛන නොමැති වාහන ලියාපදිංචි කිරීම තහනම් කර ඇත.
අදාළ නීතිවිරෝධී ලියාපදිංචි කිරීම් හේතුවෙන් රජයට සැලකිය යුතු බදු ආදායමක් අහිමි වී ඇත. මෙසේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවභාවිත කිරීම මගින්, එකතු කරගත යුතුව තිබූ විභව තීරු බදු සහ බදු මිලියන ගණනක් අහිමිව ඇති බවට තක්සේරු කර ඇත.
එසේ ලියාපදිංචි කළ ඇතැම් වාහන සුඛෝභෝගී මෝටර් රථ වූ අතර, සිදුකළ වංචනික ක්‍රියාවලට, නීතිවිරෝධී ලෙස ආනයනය කළ හෝ එකලස් කළ වාහන ලියාපදිංචි කිරීමට පහසුකම් සැලසීම සඳහා චැසි සහ එන්ජින් අංක වෙනස් කිරීම ද ඇතුළත් විය. මේ අවභාවිතය මගින්, ව්‍යාජ මෝටර් වාහන ලියාපදිංචි සහතික නිකුත් කිරීමට ඉඩ සැලසෙන ලදී.
මෙම වංචනික ලියාපදිංචි කිරීම් මගින් රේගු නියෝග මගහැරීමක් සිදුව ඇති අතර, එමෙන්ම, නීත්‍යනුකූල වාහන ආනයන සහ ලියාපදිංචි කිරීම් මගින් උත්පාදනය කරගත හැකිව තිබූ ආදායම රජයට අහිමි කරවීමක් ද සිදුව ඇත.
මෙම නීති විරෝධී ලියාපදිංචි කිරීම් මගින්, මේ වාහනවලට අදාළ නොගෙවූ තීරු බදු සහ බදු හේතුවෙන් රජයට රුපියල් බිලියන 3ක පමණ අලාභයක් සිදුව ඇති බවට වාර්තාවේ.
ඊට අදාළ මූල්‍ය වටිනාකම
වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් නිසි රේගු නිෂ්කාශනයකින් තොරව වංචනික ලෙස ලියාපදිංචි කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් තහවුරු කරන ලදී. මෙම වාහනවලින් බොහොමයක් විශාල ආනයන තීරු බදු සහ බදු ප්‍රමාණයක් (ඇතැම් විට CIF වටිනාකමෙන් 300%ක්වූ දක්වා වූ) ලැබෙන සුඛෝපභෝගී මෝටර් රථ විය. CIABOC හි නිල ප්‍රකාශයට අනුව “මෙම නීතිවිරෝධී ලියාපදිංචි කිරීම් මගින් රජයට රුපියල් මිලියන 3000ක අලාභයක් සිදුව ඇත”. (මූලාශ්‍රය: නිෂ්කාශනය නොකළ වාහන වංචනික ලෙස ලියාපදිංචි කිරීම මගින් රජයට මුල්‍ය අලාභයක් සිදුකිරීම)
සිදුකර ඇත්තේ කුමක්ද?
CIABOC විසින්, අනවසර ලෙස වාහන ලියාපදිංචි කිරීමට සම්බන්ධවීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් හත්දෙනාට එරෙහිව නිල වශයෙන් චෝදනා ගොනු කර ඇත.
අධිකරණය විසින් අදාළ වාහන තහනමට ගැනීමට නියෝග කර ඇත.
සිදුකළ හැක්කේ කුමක්ද?
රජය සහ නියාමන අධිකාරීන් විසින් පහත දැක්වෙන දේ සිදුකරනු ලැබිය හැකිය; එනම්:-
අනවසර ප්‍රවේශයන් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රේගුවට ඍජුවම සම්බන්ධ කරන ලද ස්වයංක්‍රීය සහ විනිවිදභාවයෙන් යුත් ඩිජිටල් ලියාපදිංචි කිරීමේ පද්ධති හඳුන්වාදීම මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) ඇතුළත අධීක්ෂණ යන්ත්‍රණ ශක්තිමත් කිරීම.
කලින්ම අක්‍රමිකතා හඳුනාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ගනුදෙනුකරුවන්ගේ දත්ත අතර වන ක්‍රමවත් හරස් පරීක්ෂණ ඇතුළු වඩාත් දැඩි අභ්‍යන්තර විගණන සහ අනුකූලතා ක්‍රියාවලි ක්‍රියාත්මක කිරීම.
දූෂණය සඳහා කිසිදු සමාවක් නොලැබෙන බව පෙන්වීම සඳහා වංචනික ලෙස වාහන ලියාපදිංචි කිරීම්වලට සම්බන්ධ සියලු නිලධරයන්ට සහ අතරමැදියන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම.
පුරවැසියන් සහ මාධ්‍ය විසින් පහත දැක්වෙන දේ සිදුකරනු ලැබිය හැකිය; එනම්:-
වාහන ලියාපදිංචි කිරීම් සහ ඒ හා සම්බන්ධ රජයේ ආදායම පිළිබඳ දත්ත ඉල්ලා සිටීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) භාවිත කිරීම මගින් විනිවිදභාවය ඉල්ලා සිටීම.
අකටයුතුකම් පිළිබඳ දැනුදීමේ මාධ්‍ය හරහා ලියාපදිංචි නොවූ වෙළෙන්දන් හෝ අසාමාන්‍ය ලෙස වේගවත් ලියාපදිංචි කිරීම් වැනි සැකකටයුතු පිළිවෙත් සම්බන්ධයෙන් වාර්තා කිරීම.
බලය සහ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශනය කරන ස්වාධීන මාධ්‍යකරණය සඳහා සහාය දැක්වීම.
සබැඳි
https://www.dailynews.lk/2024/02/12/admin catagories/breaking-news/393362/seven-in-vehicle-registering-scam-indicted/#google_vignette
https://www.onlanka.com/news/ciaboc-takes-legal-action-against-dmt-employees-for-unlawful-vehicle-registrations.html
https://www.themorning.lk/articles/m2Dqeor0CawWMns2yYGK
https://www.themorning.lk/articles/V3FWyDfhIX0WKUDM8ICy
https://www.dailymirror.lk/breaking-news/Legal-action-taken-against-Motor-Traffic-Department-staff-for-fraudulent-vehicle-registration/108-276771
https://www.themorning.lk/articles/Y7YMnk8xf30fclX3s1Iw
https://www.themorning.lk/articles/m2Dqeor0CawWMns2yYGK
https://ciaboc.gov.lk/media-centre/latest-news/1215-causing-financial-loss-to-the-government-by-fraudulent-registration-of-uncleared-vehicles