ක්ෂුද්‍රමූල්‍ය (පනත් කෙටුම්පත)

විස්තරය

ක්ෂුද්‍රමූල්‍ය පනත් කෙටුම්පත යනු සාමාන්‍යයෙන් සම්ප්‍රදායික බැංකු සේවාවලට ප්‍රවේශ විය නොහැකි අඩු ආදායම්ලාභී තැනැත්තන්ට සහ ප්‍රජාවන්ට සුළු ණය සහ මූල්‍ය සේවා සැපයීමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමේ අරමුණින් පැනවීමට යෝජිත ව්‍යවස්ථාවක් වේ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන (MFI) අධීක්ෂණය කිරීම, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම, ණයගැනුම්කරුවන් සූරාකෑමට ලක්වීමෙන් ආරක්ෂා කිරීම සහ ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය සහතික කිරීම සඳහා නිල නියාමන රාමුවක් පිහිටුවීම මේ පනත් කෙටුම්පතේ අරමුණ වේ. තවද, මෙම පනත් කෙටුම්පතට බලපත්‍ර දීමේ නියමයන්, පොලී අනුපාත සීමා, ණයගැනුම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ යාන්ත්‍රණ සහ ආරාවුල් නිරාකරණය කිරීමේ ක්‍රියාවලිද ඇතුළත් වේ. ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය වේගයෙන් වර්ධනය වී තිබුණද ඊට අදාළ පිළිවෙත් නියාමනයට ලක්ව නොතිබීම තුළින් සූරාකන පරිදි ණයදීම, අධික පොලී අනුපාත සහ වගවීමක් නොමැතිකම පිළිබඳ ගැටලු‍ මතුව තිබීම හේතුවෙන් මෙම පනත් කෙටුම්පත ඉතා වැදගත් වේ.

සිදුව ඇති දූෂණය කුමක්ද?

ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රය තුළ පහත දැක්වෙන ආකාර ද ඇතුළු විවිධ ආකාරවල දූෂණ සහ විෂමාචාර වාර්තා වී ඇත; එනම්:-

ණය ගැනුම්කරුවන් ණය උගුලකට හසු කරන පරිදි වූ අධික පොලී අනුපාත යටතේ සිදුකරන සුරාකන පරිදි ණය දීමේ පිළිවෙත්.

ණය නියම සහ කොන්දේසි සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොතිබීම.

නියාමන පරීක්ෂාවන් මගහැර යාම සඳහා ක්ෂුද්‍රමූල්‍ය සැපයුම්කරුවන් සහ දේශීය නිලධරයන් අතර ඇතිකරගත් රහසිගත එකඟතා.

ප්‍රජා සංවර්ධනය හෝ දිළිඳුකම පිටුදැකීම සඳහා වෙන්කළ මුදල් අවභාවිත කිරීම හෝ සාවද්‍ය පරිහරණය.

දේශපාලන මැදිහත්වීම් හෝ සම්පත් නොමැතිකම හේතුවෙන් නියාමන අධිකාරීන් විසින් සිදුකරන අධීක්ෂණය සහ බලාත්මක කිරීම අකාර්යක්ෂම වීම.

එම දූෂිත පිළිවෙත් අවදානමට ලක්විය හැකි ණයගැනුම්කරුවන්ට මූල්‍ය අපහසුතා ඇතිවීමට, මහජන විශ්වාසය බිඳවැටීමට සහ ක්ෂේත්‍රයේ අපේක්ෂිත සමාජ බලපෑම ඉටු නොවීමට හේතු වී ඇත.

ඊට අදාළ මූල්‍ය වටිනාකම

අදාළ නොවේ

සිදුකර ඇත්තේ කුමක්ද?

සිදුකර ඇත්තේ කුමක්ද

රජය විසින්, ක්ෂේත්‍රය සඳහා නිල නියාමනයක් සහ අධීක්ෂණයක් හඳුන්වාදීම සඳහා ක්ෂුද්‍රමූල්‍ය පනත් කෙටුම්පත සකස් කිරීම ආරම්භ කරන ලදී.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් ලබාගැනීම සඳහා ක්ෂුද්‍රමූල්‍ය ආයතන, පාරිභෝගික කණ්ඩායම් සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ඇතුළු සිවිල් සමාජ සංවිධාන සමඟ උනන්දුවක් දක්වන පාර්ශ්ව සමඟ සිදුකරන සාකච්ඡා පවත්වා ඇත.

TISL ආයතනය සහ වෙනත් සහයෝගිතා කණ්ඩායම් විසින්, පනත් කෙටුම්පත තුළ ණයගැනුම්කරුවන් ආරක්ෂා කිරීම, විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා සක්‍රීය ලෙස නිර්දේශ ඉදිරිපත් කර ඇත.

ස්වකීය අයිතිවාසිකම් සහ නියාමනය නොකළ ණයදීම සම්බන්ධයෙන් වන අවදානම් පිළිබඳ ණයගැනුම්කරුවන් දැනුවත් කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී.

ඇතැම් ක්ෂුද්‍රමූල්‍ය ආයතන විසින්, ස්වේච්ඡාවෙන්ම, නිල නියාමනයක් හඳුන්වාදෙන තෙක් ජාත්‍යන්තර යහපත් පිළිවෙත්වලට අනුකූලව ආචාර ධර්ම සංග්‍රහයක් අනුගමනය කර ඇත.

සිදුකළ හැක්කේ කුමක්ද?

නියාමනය සහ අධීක්ෂණය සඳහා පැහැදිලි නීති රාමුවක් ඇතිකිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් ක්ෂුද්‍රමූල්‍ය පනත් කෙටුම්පත සම්මත කිරීම කඩිනම් කිරීම.

අනුකූලව කටයුතු කිරීම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ක්ෂුද්‍රමූල්‍ය අධීක්ෂණය කරන නියාමන අධිකාරියේ ස්වාධීනත්වය සහ හැකියාව ශක්තිමත් කිරීම.

සූරාකන පරිදි ණයදීම වැළැක්වීම සඳහා පොලී අනුපාත සහ ගාස්තු සම්බන්ධයෙන් දැඩි සීමා පැනවීම සහ ණයගැනුම්කරුවන්ට එම පොලී අනුපාත සහ ගාස්තු දැරිය හැකි බවට වගබලා ගැනීම.

ණයගැනුම්කරුවන්ට ප්‍රවේශ විය හැකි පැහැදිලි සහ සරල භාෂාවකින් ණය නියමයන්, ණය කොන්දේසි සහ අවදානම් සම්පූර්ණ වශයෙන් හෙළිදරව් කිරීම අනිවාර්ය කිරීම.

ණයගැනුම්කරුවන්ගේ පැමිණිලි කාර්යක්ෂම ලෙස නිරාකරණය කිරීම සඳහා ශක්තිමත් දුක්ගැනවිලි සඳහා සහන සැලසීමේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම.

විගණන සහ මූල්‍ය හෙළිදරව් කිරීම් ද ඇතුළුව ක්ෂුද්‍රමූල්‍ය ආයතන සම්බන්ධයෙන් වන විනිවිදභාවය සහ ප්‍රසිද්ධ වාර්තාකරණය පිළිබඳ නියමයන් වැඩි කිරීම.

ණය ගැනුම්කරුවන්ට දැනුම්වත් තීරණ ගැනීමට හැකියාව ලබාදීම සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම.

රහසිගත එකඟතා සහ මුදල් සාවද්‍ය පරිහරණය ඇතුළු දූෂිත පිළිවෙත් සඳහා දණ්ඩන සහ නෛතික පියවර ක්‍රියාත්මක කිරීම.

අඛණ්ඩව ක්ෂුද්‍රමූල්‍ය ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සහ ණයගැනුම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා සිවිල් සමාජය සහ මාධ්‍ය දිරිගැන්වීම.

සබැඳි

TISL ආයතනය විසින්, ණයගැනුම්කරුවන් ආරක්ෂා කිරීම සහ විනිවිදභාවය සම්බන්ධයෙන් වාර්තා සහ නවතම තොරතුරු පළ කරමින් ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයේ නියාමනය සහ ප්‍රතිසංස්කරණ සඳහා සක්‍රීය ලෙස පෙනී සිටින ලදි;
https://www.tisrilanka.org/?s=microfinance

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමුල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා වන  නීති රාමුව දක්වමින් නිල ක්ෂුද්‍රමූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී;
https://www.parliament.lk/uploads/acts/gbills/english
/6378.pdf

මෙම වාර්තාව මගින්, නියාමනය නොවූ ණයදීමේ පිළිවෙත් හේතුවෙන් ණයගැනුම්කරුවන් විසින් මුහුණපාන අවදානම් විශ්ලේෂණය කර, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා හදිසි ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනු ලැබේ;
https://www.sundaytimes.lk/230415/business-times/challenges-in-sri-lankas-microfinance-sector-508469.html

අභියෝග, නියාමන අඩුලු‍හුඬුකම් සහ ක්ෂේත්‍රයේ තිරසර සංවර්ධනය සඳහා වන නිර්දේශද ඇතුළුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් පළ කරන ලද සවිස්තරාත්මක වාර්තාවක්;
https://documents.worldbank.org/en/publication/docu ments-
reports/documentdetail/0998570b08467ec1e99b0383 a1c737e4d2

 

 

This website uses cookies to improve your web experience.